Gossips

උතුරු – දකුණු කොරියානු සාකච්ඡා මාර්තු 29 වන දා

උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් පැන්-මුන්-ජොම් දේශසීමා නගරයේදී මාර්තු 29 වන දා පැවැත්වීමට උතුරු කොරියාව එකඟ වූ බව දකුණු කොරියාව අද (24) නිවේදනය කළා.
අප්‍රේල් මාසය අග භාගයේදී අන්තර් කොරියානු සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඊට සූදානම්වීම මෙම සාකච්ඡාවේ අරමුණ බව සඳහන්.
පසුගිය දා දකුණු කොරියාවේ පැවැති ශීත ඍතු ඔලිම්පික් උළෙලින් පසු දෙරට අතර සබඳතා වර්ධනය වෙමින් පවතිනවා.