Gossips

උතුරු කොරියා නායක සහ අමරිකා ජනපති හැනෝයි නුවරදී හමුවෙයි

අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජෝං අන් වියට්නාමයේ හැනෝයි නුවරදී හමුවී තිබෙනවා.
ඒ ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන දෙවන සාකච්ඡා වටයේ පළමු දිනය ආරම්භය සනිටුහන් කරමින්.
සාකච්ඡාවට එක්වීම සඳහා කිම් ජෝං අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ වියට්නාමයට ළගාවුනා.
හැනෝයි අගනුවරදී ආරම්භ වන මෙම සාකච්ඡාව හෙට දිනයේදීත් පැවැත්වෙනු ඇති.