Gossips

උතුරු කොරියා – ඇමරිකා සාකච්ජාවලට චීනයේ සහය

ඇමරිකාව සහ උතුරු කොරියාව අතර පැවැත්වීමට නියමිත දෙවන වටයේ සාකච්ජා සඳහා චීනය සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.
පසුගිය 8 වනදා උතුරු කොරියානු නායක කිම් ජොං අන් චීනයේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී එරට ජනාධිපති ෂී ජින් පිං සඳහන් කර ඇත්තේ දෙරට අතර සාකච්ජා සඳහා තම රටද සහය දැක්වීමට සුදානම් බවයි.
කලාපයේ රටවල් අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහායි මෙලෙස චීනයේ සහයෝගය ලබාදීමට තීරණය කර ඇත්තේ.