Gossips

උතුරු කොරියා, ඇමරිකා සාකච්ඡා බිද වැටේ

ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ සහෝදරිය ඇතුළු කණ්ඩායමක් අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අත්හිටුවා තිබෙනවා.
දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උලෙළ අතරතුර මෙම සාකච්ඡාව සිදුකිරීමට නියමිතව තිබුණා.
ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් විසින් උතුරු කොරියාව මානව හිමිකම් කඩ කරන බවට සිදුකළ ප්‍රකාශයක් මෙම සාකච්ඡා බිද වැටීමට හේතු වන්නට ඇති බවයි දේශපාලන විචාරකයින් ප්‍රකාශ කර ඇත්තේ.
අදාළ සාකච්ඡාව පැවැත්වූයේ නම් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව උතුරු කොරියාව සමග පැවැත්වූ ප්‍රථම ද්වීපාර්ශවීය සාකච්ඡාව එය වනවා.