Gossips

උතුරු කොරියාව හිරුගේ දිනය සමරයි

උතුරු කොරියාව අද (15) සිය දේශයේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ 106 වන ජන්ම දිනය සමරනු ලැබුවා.
උතුරු කොරියානු දින දර්ශනයේ වැදගත්ම සමරුවක් වන අප්‍රේල් 15 වන දා ඔවුන් සමරන්නේ හිරුගේ දිනය ලෙසයි.
අද පැවති සැමරුම් උත්සවයට උතුරු කොරියාවේ වත්මන් නායක කිම් ඉල් සුන්ගේ මුණුපුරා වන කිම් ජොං අන් ද එක්වී තිබෙනවා.
උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ සාකච්ඡාවලට එකඟ වී ඇති මොහොතකයි මෙම සැමරුම් උත්සවය පැවැත්වුණේ.
කෙසේ නමුත්, මෙවර ඊට හමුදා ආචාර පෙළපාලියක් එක් කර නොමැති බව සඳහන්.