උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල් දැමීමට සිදුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඒ, ඊට අදාළ කොන්දේසිවලට උතුරු කොරියාව එකඟතාව පළ නොකිරීම හේතුවෙන්.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ. ඉන් ඊයේ ඇමරිකාවේදී හමුවූ අවස්ථාවේදියි.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡා ජුනි 12 වන දා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.
