Gossips

උතුරු කොරියාව සමඟ සාකච්ඡා ඵලදායී නොවන්නේ නම් අතහැර දමන බව ට්‍රම්ප් කියයි

උතුරු කොරියාව සමග සාකච්ඡා ඵලදායි නොවන්නේ නම් අතහැර දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරත ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවූ අවස්ථාවේදියි.
න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා උතුරු කොරියාවට බලපෑම් කිරීමට දෙරටේ රාජ්‍ය නායකයන් මෙම සාකච්ඡාවේදී එකඟතාවකටද පැමිණ තිබෙනවා.