Gossips

උතුරු කොරියාව සමඟ විශිෂ්ඨ සබඳතාවකට ට්‍රම්ප්ගෙන් අපේක්ෂා

ඇමරිකානු සහ උතුරු කොරියානු නායකයන් අතර ප්‍රථම හමුව මේ වන විට සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 6.30ට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් මුහුණට මුහුණ මුණ ගැසුණු අතර, ඔවුන් උණුසුම් ආකාරයෙන් අතට අත දී, සාකච්ඡා ආරම්භ කළා.
ඇමරිකානු ජනාධිපතිවරයා මුලින්ම අදහස් පළ කරමින් කියා සිටියේ දෙරට අතර විශිෂ්ඨ සබදතාවක් ගොඩ නගා ගත හැකි යැයි තමාට විශ්වාස බවයි.
මෙම තත්ත්වයට පැමිණීම අතිශයින් දුෂ්කර වූ බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මෙතෙක් පැවති පූර්ව විනිශ්චයන් සහ භාවිතයන් බාධක ලෙස පැවති අතර, එම බාධක මඟ හැර අද මෙම සමුළුවට එක්වූ බවයි.