Gossips

උතුරු කොරියාව රොකට් බිම වනසයි

පසුගිය කාලය තුළ ඉමහත් ආන්දෝලනයකට ලක්වූ උතුරු කොරියානු මිසයිල වැඩසටහන සඳහා යොදා ගත් රොකට් බිම විනාශ කිරීම දැන් ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
උතුරු කොරියාවේ වයඹදිග සෝහේ ප්‍රදේශයේ පිහිටි රොකට් ගුවන් ගත කිරීම සඳහා යොදා ගත් භූමිය විනාශ කිරීම ඇරඹී ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් ද සනාථ වන්නේ යැයි ඇමරිකානු නිරීක්ෂණ සංවිධානයක් ද පෙන්වා දෙනවා.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් තමන් සමඟ සිංගප්පූරුවේ පැවති සාකච්ඡාවේදී මෙම රොකට් භූමිය විනාශ කරන බවට පොරොන්දුවක් ලබාදුන්නේ යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කළා.