Gossips

උතුරු කොරියාව රොකට් අත්හදා බැලීමකට සැරසෙන බවට තොරතුරු

උතුරු කොරියාව මිසයිලයක් හෝ චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කළා.
උතුරු කොරියාව, බැලිස්ටික් මිසයිල සහ රොකට් නිපදවන සනුම්ඩොන් අංගනයේ ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවයි චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කර ගනිමින් එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ඔවුන් විනාශ කර තිබූ සෝහේ ප්‍රදේශයේ රොකට් අංගනය ද යළි ගොඩනගා ඇති බව පසුගිය දා වාර්තා වුණා.
කෙසේ නමුත්, උතුරු කොරියාව යළි මිසයිල අත්හදා බැලීමට කටයුතු කළහොත් එය බලාපොරොත්තු සුන්කරවන්නක් බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ.
ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර වියට්නාමයේ පැවති සාකච්ඡා අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.