Gossips

උතුරු කොරියාව න්‍යෂ්ටික බලකොටු අක්‍රිය කරයි

උතුරු කොරියාව සිය ප්‍රධානතම න්‍යෂ්ටික පර්යේෂණ බලකොටු අක්‍රිය කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.
ධවල මන්දිර වාර්තා ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියාවේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන 4 ම මේ වනවිට අක්‍රිය කර ඇති බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිංගප්පූරුවේදී සිදුකරන ලද සාකච්ඡාවෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව ද එම වාර්තාවල සඳහන්.