Gossips

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීම පිළිබද චීනයේ ප්‍රසාදය

සිය න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් වහා නතර කිරීමට උතුරු කොරියාව ගනු ලැබූ තීරණය පිළිබදව චීනය ප්‍රසාදය පළ කර තිබෙනවා.
චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම පියවර කොරියානු අර්ධද්වීපයේ සාමකාමී වාතාවරණයකට මුල් වනු ඇති බවයි.
චීනය එම පියවර සාදරයෙන් පිළිගන්නා බවත්, චීන විදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියට ඇතුළත් කළ නිවේදනයේ සදහන්.
උතුරු කොරියානු නායක කිම්ජොං අන් ලබන සතියේ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ග් මුණ ගැසීමට නියමිත අතර, ජුනි මාසයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මුණ ගැසීමට නියමිතයි.