Gossips

උතුරු කොරියාව තවමත් තර්ජනයක් – ට්‍රම්ප්

උතුරු කොරියානු න්‍යෂ්ටික ශක්තිය තවදුරටත් අසාමාන්‍ය සහ අති විශේෂ වූ තර්ජනයක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
ඒ අනුව එරටට එරෙහි සම්බාධක මෙන්ම තර්ජනයකට මුහුණදීමේ සූදානම තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියා.
කෙසේ නමුත්, උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවති සමුළුවෙන් අනතුරුව ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ උතුරු කොරියාවෙන් තවදුරටත් න්‍යෂ්ටික තර්ජනයක් නොමැති බවයි.