Gossips

උතුරු කොරියාව ගැන, ට්‍රම්ප් සතුටින්

උතුරු කොරියාව සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ තමා ඉතා සතුටට පත්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ, උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ මීට මාසයකට පෙර ඔහු පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතියක් නොමැති බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු ලෙසයි.
ගත වූ මාස 09 තුළ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවනට යොමු නොකළ අතර, න්‍යෂ්ටික අත්හදා බැලීමක් ද සිදුකළේ නැහැ.
ඒ පිළිබඳ ජපානය ඇතුළු සමස්ත ආසියාවම සතුටට පත්වන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේ.
මේ අතර, උතුරු කොරියාවේ සෝහේ ප්‍රදේශයේ පිහිටි රොකට් ගුවන් ගත කිරීම සඳහා යොදා ගත් භූමිය විනාශ කිරීම ඇරඹී ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් ද සනාථ වන්නේ යැයි ඇමරිකානු නිරීක්ෂණ සංවිධානයක් සඳහන් කළා.
ඒ, උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිංගප්පූරුවේ පැවති සාකච්ඡාවේදී ඇති වූ එකඟතාවකට අනුවයි.