Gossips

උතුරු කොරියාව ගැන, ඇමරිකාව විශ්වාසයෙන්

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි හරණ වැඩපිළිවෙල ප්‍රගතියක් ලබනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා.
උතුරු කොරියානු නායක කිම් ජොං අන්, පොරොන්දු වූ ආකාරයෙන් ඒ සඳහා කැප වී සිටින බවට ඇමරිකාව විශ්වාස කරන්නේ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඉදිරි සති කිහිපය තුළ සහ මාස කිහිපය තුළ උතුරු කොරියාව, අවි හරණය පිළිබඳව ප්‍රගතියක් අත් කර ගනු ඇති බවත්, එය එරට දීප්තිමත් අනාගතයකට ඉවහල් වනු ඇති බවත්, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියා.