Gossips

උතුරු කොරියාව කනස්සල්ලෙන්

සිය නායක කිම්ජොං අන් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සමුළුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් වීම පිළිබඳව උතුරු කොරියාව කනස්සල්ල පළ කර තිබෙනවා.
ඇමරිකානු නායකයා ඊයේ (24) ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කළේ උතුරු කොරියාව ප්‍රදර්ශනය කළ එදිරිවාදිකම් හේතුවෙන් සාකච්ඡාවෙන් ඉවත් වූ බවයි.
බලයේ සිටින ඇමරිකානු නායකයෙකු, උතුරු කොරියානු නායකයෙකු හමුවන ප්‍රථම අවස්ථාව ලෙස ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම්ජොං අන් ලබන ජුනි 12 වනදා සිංගප්පූරුවේදී හමුවීමට නියමිතව තිබුණා.
උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සදහන් කළේ එම හමුව අවලංගු කිරීම පිළිබදව උතුරු කොරියාව දැඩි සේ කනස්සල්ලට පත්වන බවයි.
එමෙන්ම, පවතින ගැටලු විසඳා ගැනීම සදහා ඕනෑම මොහොතක ඇමරිකාව සමඟ මුහුණට මුහුණලා සාකච්ඡා කිරීමට තම රට සූදානම් බවත්, ඔහු අවධාරණය කළා.