Gossips

උතුරු කොරියාව ඇමරිකාව සමඟ උරණ වෙයි

ඒකපාර්ශවිකව න්‍යෂ්ටික අවිහරණයේ නිරතවන ලෙස ඇමරිකාව සිදුකරන බලපෑම් උතුරු කොරියාව දැඩි සේ හෙළාදැක තිබෙනවා.
ඒ, ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමඟ පියොංයැං නුවර පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
සිංගප්පූරුවේ පැවති ට්‍රම්ප් – කිම් ජොං අන් හමුවෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙලෙස උතුරු කොරියාවේ සංචාරයක නිරතවූයේ ප්‍රථම වතාවටයි.