Gossips

උතුරු කොරියාව, ඇමරිකාවෙන් පොරොන්දුවක් ඉල්ලයි

සිය රට ආක්‍රමණය නොකරන බවට ඇමරිකාව පොරොන්දු වන්නේ නම්, න්‍යෂ්ටික අවි අත්හරින බව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කළ බව දකුණු කොරියානු ප්‍රකාශකයෙකු සඳහන් කළා.
උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර ඓතිහාසික සාකච්ඡාවක් පසුගිය දා පැවති අතර, එහිදීයි මේ සම්බන්ධයෙන් කරුණු හුවමාරු වී ඇත්තේ.
එමෙන්ම උතුරු කොරියානු න්‍යෂ්ටික පර්යේෂණ කලාපය ලබන මැයි මාසයේදී වසා දැමෙනු ඇති බව දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය පවසනවා.