Gossips

උතුරු කොරියාව, ඇමරිකානු සම්බාධක ඉවත දමයි

ඇමරිකානු සම්බාධක සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් නොදක්වන බව උතුරු කොරියාව පවසනවා.
උතුරු කොරියාවේ ඉහළ නිලධාරින් තුන්දෙනෙකුට මේ වනවිටත් ඇමරිකාව සම්බාධක පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇමරිකාව තවදුරටත් සම්බාධක පැනවීම සිදුකළහොත් සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල කිසිදු ආකාරයකින් නවතා නොදමන බවට උතුරු කොරියාව අනතුරු අඟවා තිබෙනවා.