උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු ඇති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර අත්සන් කළ ගිවිසුමට අනුව මෙය සිදුවනු ඇති බවයි ඔහු කියා සිටියේ.
