උතුරු කොරියාවට යොදා ඇති සම්බාධක ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඇමරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කර තිබෙනවා.
මෙහිදී මානුෂීය ආධාර සඳහා පමණක් සම්බාධක ඉවත් කිරීමටයි ඇමරිකාව යෝජනා කර ඇත්තේ.
කෙසේ වෙතත්, ඒ පිළිබද ආරක්ෂක මණ්ඩලයේ මතය මෙතෙක් ප්‍රකාශයට පත්වී නැහැ.
