Gossips

උතුරු කොරියාවේ වාර්ෂික මැරතන් ධාවනයට විදේශිකයන් දෙගුණ වෙයි

උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුං ගේ ජන්ම සංවත්සරයට සමගාමීව පැවැත්වෙන වාර්ෂික මැරතන් ධාවනය සඳහා සහභාගිවන විදේශිකයන්ගේ සංඛ්‍යාව මෙවර දෙගුණය ඉක්මව ඇති බව වාර්තාවනවා.
උතුරු කොරියාව සහ බටහිර ලෝකය අතර උණුසුම් වාතාවරණය ට්‍රම්ප් – කිම් ජොං අන් සමුළුවළින් පසු සමනය වීම ඊට හේතුවයි.
ඒ අනුව අද පැවති පියොංයැං මැරතන් ධාවනය සඳහා බටහිර වැසියන් 950 දෙනෙකු පමණ එක්වූ අතර, පසුගිය වසරේ එම සංඛ්‍යාව 450 ක්.
එමෙන්ම මැරතන් ධාවනයට එක් නොවූවත් එය නැරඹීම සඳහාද 5,000 ක් පමණ විදේශිකයන් පැමිණ ඇති අතර, ඉන් සියයට 20 ක් පමණ ඇමරිකානුවන් වීම විශේෂත්වයක්.