Gossips

උතුරු කොරියාවේ මිසයිල නිකුත් කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් වැසේ

උතුරු කොරියාවේ ක්‍රියාත්මක ප්‍රධාන මිසයිල දියත් කරන මධ්‍යස්ථානයක් වසා දැමීමට එරට නායක කිම්ජොං අන් එකගතාවය පළ කර තිබෙනවා.
පියොංයැන්ග් නුවරදී දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමග ඊයේ පැවති සාකච්ඡාවේදී ඔහු මෙම එකගතාවය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එසේම, එහිදී දෙරටේ නායකයින් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිහරණ කලාපයක් බවට පත් කිරීමට ද එකගතාවයකට ද පැමිණියා.