Gossips

උතුරු කොරියාවේ දැවැන්ත හමුදා සංදර්ශනයක්

උතුරු කොරියාව බිහි වී වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් දැවැන්ත හමුදා පෙළපාලියක් සහ සංදර්ශනයක් අද ආරම්භ වනවා.
වසර ගණනාවකින් පැවැත්වෙන මෙම හමුදා සංදර්ශනය පිළිබදව ලෝකයේ අවධානය යොමුව ඇත්තේ ඔවුන් මේ වන විට න්‍යෂ්ටික අවිහරණය සඳහා කැප වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන්.
මීට පෙර පැවති හමුදා සංදර්ශනවලදී උතුරු කොරියාව සිය නවීනතම මිසයිල ඇතුළු යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමට පියවර ගත්තා.
එහෙත් ට්‍රම්ප් – කිම් ජොං අන් සමුළුවෙන් පසු පවත්වන ප්‍රථම හමුදා සංදර්ශනයට ප්‍රකෝපකාරී අංග ඇතුළත් නොකිරීමට උතුරු කොරියාව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු රජ රජය ලෙස නිළ වශයෙන් හැදින්වෙන උතුරු කොරියාව 1948 වසරේ අද වැනි දිනක බිහි වූයේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාව සහ ඇමරිකාව කොරියානු අර්ධද්වීපය ඔවුන් අතර බෙදාගෙන 3න් වසරකින් අනතුරුවයි.
පෙළපාලිය සඳහා සිය ගණන් හමුදා ට්‍රක් රථ සහ දහස් සංඛ්‍යාත සෙබලූන් උතුරු කොරියානු පියොංයැං අගනුවර ටේඩොං නදිය අසබඩ අද අලූයම් කාලයේ සිට පෙළ ගැසී සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.