Gossips

උතුරු කොරියාවේ දරුණු ආහාර අර්බුදයක්

මේ වසර සඳහා තම ආහාර අවශ්‍යතාව ටොන් මිලියන 1.4කින් හිඟ වී ඇති බව උතුරු කොරියාව, ජගත් සංවිධානය වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ජනතාවට ලබාදෙන සලාකය අඩකින් කපා හැරීමට සිදුව ඇති බවයි එමගින් ප්‍රකාශ කළේ.
උතුරු කොරියානු න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන හේතුවෙන් ජගත් සංවිධානය විසින් එරටට එරෙහිව 2006 වසරේ සිට දැඩි සම්බාධක ක්‍රියාත්මක කරනු ලබනවා.
එම සම්බාධක මෙන්ම දැඩි උණුසුම, නියඟය සහ ජල ගැලීම් හේතුවෙන් මෙලෙස ආහාර අර්බුදයක් ඇති වී තිබෙන බවයි උතුරු කොරියාව ජගත් සංවිධානය දැනුම් දී ඇත්තේ.
කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙසැම්බර් 27 වන දා සහ 28 වන දා වියට්නාමයේ පැවැත්වෙන දෙවන සමුළුවේදී ජගත් සංවිධාන සම්බාධක ඉවත් කර ගැනීමට අවස්ථාවක් උදා වනු ඇති.