Gossips

උතුරු කොරියාවේ අද මහ මැතිවරණයක්

වයස අවුරුදු 17 ඉක්මවූ සියලූම උතුරු කොරියානුවන් සහභාගිවන එරට පාර්ලිමේන්තු මැතිවරණය අද පැවැත්වෙනවා.
උතුරු කොරියාවේ උත්තරීතර මහජන සභාව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම එහිදී සිදුවන අතර, ඡුන්දදායකයන්ට අපේක්ෂකයන් තෝරාගැනීමේ අවස්ථාවක් සළසා නැහැ.
කොමියුනිස්ට් පාලනයක් සහිත උතුරු කොරියාව බිහිවූ දා පටන් මෙහෙයවනු ලබන්නේ කිම් පරම්පරාව විසින්.
ජනතාව ඊට තම සහය පළ කිරීමයි මෙම ඡන්ද විමසීම මගින් සිදුවන්නේ.
ඡන්දපොල වෙත යන උතුරු කොරියානුවන්ට එහිදී කිසිවක් සළකුනු කළ නොහැකි ඡන්ද පත්‍රිකාවක් ලැබෙන අතර, එය විවෘත පෙට්ටියකට බහාලීම සිදුවනවා.
2014 වසරේ පැවති මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට සියයකට ආසන්න වූ අතර, උතුරු කොරියානු නායක කිම් ජොං අන් වෙත දැක්වූ සහය සියයට සියයක් ලෙසයි ප්‍රකාශ වූයේ.