තම රටට පැමිණෙන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං අන් දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ. ඉන් වෙත ආරාධනා කර තිබෙනවා.
දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් තරගාවලියට සහභාගිවීම සඳහා පැමිණ සිටින උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ සොහොයුරිය එම ලිඛිත ආරාධනාව දකුණු කොරියානු ජනාධිපතිවරයා වෙත භාර දුන්නේ ඊයේ (09) පැවැති හමුවේදියි.
