දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා උතුරු කොරියාවෙන් විශේෂ නියෝජිතයෙකු ඇතුළු 22 දෙනෙකුගෙන් යුත් දූත කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා.
මෙම ශීත ඍතු ඔලිම්පික් උළෙල ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත අතර, මෙහිදී උතුරු කොරියානු සහ දකුණු කොරියානු ක්‍රීඩකයින් එකම ධජයක් යටතේ සමාරම්භක උත්සවයට සහභාගි වනු ඇති.
න්‍යෂ්ටික අත්හදාබැලීම් සම්බන්ධයෙන් එම රටවල් දෙක අතර මතභේදාත්මක තත්වයක් පවතින වකවානුවක මෙලෙස එක් ධජයක් යටතේ සමාරම්භක උළෙලට සහභාගිවීම විශේෂත්වයක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.