Gossips

උතුරු කොරියාවෙන් ඇමරිකාවට තර්ජනයක්

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස තවදුරටත් ක්‍රියාත්මක කළහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.
එමෙන්ම තමන් ඇමරිකා එක්සත් ජනපදය සමග සාකච්ඡාවක් ඉල්ලා බැගෑපත් නොවන බවයි උතුරු කොරියානු රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස ලබන අප්‍රේල් මාසයේ ආරම්භවීමට නියමිතයි.
ඇමරිකාව පසුගිය පෙබරවාරි 23 වනදා උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පෙළක් පැනවූ අතර, ජනපති ට්‍රම්ප් කියා සිටියේ එහි දෙවන අදියර ලෝකයටම අවාසනාවන්ත සිද්ධියක් විය හැකි බවයි.