Gossips

උතුරු කොරියාවට, රුසියාවෙන් ආහාර ආධාර

දරුණු ආහාර අර්බුදයකට මුහුණ දෙන උතුරු කොරියාව වෙත රුසියාව තිරිඟු මෙටි‍්‍රක් ටොන් 2000ක් යවා තිබෙනවා.
පියොංයැං අගනුවර රුසියානු තානාපති කාර්යාලය සඳහන් කළේ ඊයේ එම තිරිඟු තොගය උතුරු කොරියාවට ළඟා වූ බවයි.
එරට ජනගහනයෙන් සියයට 43ක් ආහාර හිඟයෙන් පෙළෙන බවත්, ළමයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවත් ජගත් සංවිධානය පසුගිය මාසයේ වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
එමගින් වැඩිදුරටත් සඳහන් කළේ පන්ලක්ෂ 13,000ක් පමණ ආහාර ආධාර අත්‍යවශ්‍ය උතුරු කොරියානුවන්ට සැපයුම් ලබාදීම සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් අවශ්‍ය බවයි.
නියඟය මෙන්ම උතුරු කොරියාවට එරෙහිව ක්‍රියාත්මක සම්බාධක මෙම ආහාර හිඟයට ප්‍රධාන හේතුවක්.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර වියට්නාමයේ පැවති සමුළුවේදී ද උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමේ එකඟත්වයක් ඇති වූයේ නැහැ.