Gossips

උතුරු කොරියාවට ප්‍රහාරයක් එල්ල නොකරන බව ඇමරිකාව කියයි

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් එරටට එරෙහිව ඒකපාර්ශවික ප්‍රහාරයක් දියත් නොකරන බව ඇමරිකාව ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතර, ඊයේ සාකච්ඡා කර තිබෙනවා.
එහිදී නැගෙනහිර ආසියානු සහ පැසිෆික් කලාපය සදහා වන එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරිය වන සූසන් තොරෙන්ටන් කියා සිටියේ පැහැදිලිවම එවැනි ප්‍රහාරයක් දියත් කිරීමට ඇමරිකාවේ සූදානමක් නොමැති බවයි.
කිම්ජොං අන්ගේ පාලනයට එරෙහිව ඇමරිකාව එවැනි ප්‍රහාරයක් ක්‍රියාත්මක කරනු ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා පළ වූ අතර එමගින් කලාපයේ උණුසුම්කාරි වාතාවරණයක් පැන නැගුණා.