Gossips

උතුරු කොරියාවට එරෙහි අමරිකාවේ සැලසුමක් හෙළිවෙයි

උතුරු කොරියාව සිය න්‍යෂ්ඨික වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නම් ඔවුන්ට එරෙහිව යුධමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අමරිකාව සැලසුම් කරමින් ඇතැයි අනාවරණ වී තිබෙනවා.
අමරිකාවට ද පහරදිය හැකි මිසයිල අත්හදා බැලීමේ වැඩපිළිවෙල නතර නොවන්නේ නම් උතුරු කොරියාවට එරෙහිව දැඩි පියවර ගැනීමටයි අමරිකාව සැලසුම් කර ඇත්තේ.
අමරිකානු පරිපාලනය පිළිබඳ තොරතුරු හෙළි කරන අංශ කිහිපයකින් මෙම කරුණු හෙළිවී තිබෙනවා.
අමරිකාවේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු ප්‍රකාශකර ඇත්තේ උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල අමරිකාවට අවධානම් තත්වයක් බවයි.
මේ හේතුවෙන් යුධමය වශයෙන් උතුරු කොරියාවට පිළිතුරු දීමට අමරිකා ආරක්ෂක උපදේශකයන් බලධාරීන්ට බලපෑම් කරමින් පවතින බව සඳහන්.