Gossips

උතුරු කොරියාවට එරෙහිව ජගත් සංවිධානයෙන් තවත් සම්බාධක

සම්බාධක නොතකා උතුරු කොරියාවට සමඟ සබඳතා පැවැත්වූ සමාගම් 21ක් සහ නෞකා 27ක් ජගත් සංවිධානය විසින් අසාදු ලේඛනගත කර තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය, ඒ සඳහා කළ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඊයේ ( 30) අනුමත කළා.
උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙලට එරෙහිව මෙම පියවර ක්‍රියාත්මක වන්නේ ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර නිළ සාකච්ඡා මැයි මස අගදී පැවැත්වීමට කටයුතු යොදා තිබියදී වීම විශේෂත්වයක්.