Gossips

උතුරු කොරියාවට ඇමරිකාවෙන් යළි සම්බාධක

ඇමරිකාව, උතුරු කොරියාවට නව සම්බාධක පනවා තිබෙනවා.
ඒ, උතුරු කොරියාව වගකීම් විරහිතව රසායනික ප්‍රහාර දියත් කිරීම හේතුවෙන්.
ඊට ආසන්නතම හේතුව ලෙස ඇමරිකාව සඳහන් කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ ඥාති සහෝදරයෙකු වූ කිම් ජොං නම්, මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී ඝාතනයට ලක්වීමේ සිද්ධියයි.
එය උතුරු කොරියාව විසින්ම සිදුකර ඇති බවටයි ඇමරිකාව චෝදනා කරන්නේ.
කෙසේ වෙතත්, උතුරු කොරියාව එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.