Gossips

උතුරු කොරියානු හමුදා පෙළපාලියේදී මිසයිල ප්‍රදර්ශනය නොකෙරේ

උතුරු කොරියාව බිහි වී වසර 70ක් සපිරීම නිමිත්තෙන් පියොංයැං අගනුවර අද (09) පැවති දැවැන්ත හමුදා පෙළපාලියේදී අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල ප්‍රදර්ශනය නොකෙරුණු බව වාර්තා වනවා.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් එය ඇමතූ බවක් ද එරට මාධ්‍ය වාර්තා කළේ නැහැ.
න්‍යෂ්ටික අවිහරණයට සිය කැපවීම ප්‍රකාශ කළ උතුරු කොරියාව මෙම හමුදා පෙළපාලියේදී ප්‍රදර්ශනය කරන යුද ශක්තිය පිළිබදව ලොව පුරා අවධානය යොමු වුණා.
ඇමරිකාවට පවා ළඟා විය හැකි අන්තර් මහද්වීපික මිසයිල උතුරු කොරියාව මෙම යුද සංදර්ශනයේදී ප්‍රදර්ශනය කළේ නම් එය ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙසයි සැලකෙන්නේ.
විචාරකයන් පෙන්වා දෙන්නේ මේ අනුව උතුරු කොරියානු නායකයා තවදුරටත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි විශ්වාසයෙන් පසුවන බවයි.