උතුරු කොරියානු නායක කිම් ජොං අන් මේ වනවිට සිංගප්පූරුවට පැමිණ තිබෙනවා.
උතුරු කොරියානු නායකයා පිළිගෙන ඇත්තේ එරට විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් විසින්.
පසුව උතුරු කොරියානු නායකයා, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙං ලුන්ග් මුණගැසී සාකච්ඡා කිරීමට ද නියමිතයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර අනිද්දා සාකච්ඡා ආරම්භවීමට නියමිතව ඇත්තේ සිංගප්පූරුවේ ෂැංග්‍රිලා හෝටලයේදියි.
සාකච්ඡා පැවැත්වෙන ප්‍රදේශය අවට ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති අතර, එහි දැඩි ආරක්ෂාවක් යෙදවීමට කටයුතු යොදා තිබෙනවා.
