ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා එක්වීමට උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිය ගුවන්යානයෙන් පියොංයැං නුවර සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර අනිද්දා සාකච්ඡා ආරම්භවීමට නියමිතව ඇත්තේ සිංගප්පූරුවේ ෂැංග්‍රිලා හෝටලයේදියි.
සාකච්ඡා පැවැත්වෙන ප්‍රදේශය අවට ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති අතර, එහි දැඩි ආරක්ෂාවක් යෙදවීමට කටයුතු යොදා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දිනයේදී උතුරු කොරියානු නායකයා සිංගප්පූරුව කරා ළඟාවීමට නියමිත බවයි.
ඔහු එහිදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙං ලූන්ග් මුණගැසී සාකච්ඡා කරනු ඇති.
