Gossips

උතුරු කොරියානු නායකයා වියට්නාමයට පැමිණේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් අද (26) උදෑසන වියට්නාමයට ළඟා වුණා.
උතුරු කොරියාවේ සිට චීනය හරහා පැය 60කට අධික කාලයක දුම්රිය චාරිකාවකින් අනතුරුවයි ඔහු ඇතුළු නියෝජිත පිරිස වියට්නාමයේ ඩොං ඩැං දුම්රියපොළට ළඟා වූයේ.
එතැන් සිට ඔහු හැනෝයි අගනුවරට මෝටර් රථයකින් ගමන් කරනු ඇති.
දුම්රිය ස්ථානයේ සිට අගනුවරට යන මඟ දෙපස ජනයා ධජ වනමින් ඔහුට සුබ පැතූ බව සඳහන්.
මේ අතර, සමුළුවට සහභාගිවීම සඳහා ඊයේ රාත්‍රියේ වොෂින්ටනයෙන් නික්මුණු ජනපති ට්‍රම්ප් අද පස්වරුවේ හැනෝයි නුවරට ළඟාවීමට නියමිතයි.