Gossips

උතුරු කොරියානු නායකයා රුසියානු ජනපති පුටින් හමුවීමට සැරසේ

උතුරු කොරියානු නායක කිම් ජොං අන්, මේ මස අවසන්වීමට පෙර මොස්කව් නුවරට ගොස් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කළා.
එය ඔවුන් අතර ප්‍රථම හමුව ද වනු ඇති. උතුරු කොරියානු නායකයාගේ රුසියානු සංචාරය ප්‍රකාශයට පත්වූයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමඟ තවදුරටත් සාකච්ඡාවල නිරත වීමට අදහස් නොකරන බව ඔවුන් ප්‍රකාශ කළ දිනයේදීම වීම විශේෂත්වයක්.
පසුගිය දා වියට්නාමයේ පැවති ට්‍රම්ප් – කිම් ජොං අන් හමුව බිදවැටුණේ ද උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ඇමරිකාවට භාර දිය යුතු බවට පොම්පියෝ දැරූ දැඩි ස්ථාවරය හේතුවෙන්.
ඉන් පසු උතුරු කොරියාව නවීන අවියක් අත්හදා බැලීම ද සිදුකළා.