උතුරු කොරියානු නායක කිම් ජොං අන්, චීන ජනාධිපති ෂී – ජින්පින් හමුවී සාර්ථක සාකච්ඡා පවත්වා ඇති බව චීන මාධ්‍ය පවසනවා.
එහිදී න්‍යෂ්ටික අවි අත්හදා බැලීම නැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම හමුව උතුරු කොරියාව, ඇමරිකාව සහ දකුණු කොරියාව අතර පවතින සාකච්ඡා සාර්ථක වීමේ පළමු පියවර ලෙස හඳුන්වා දිය හැකි බවයි.
උතුරු කොරියානු නායක කිම් ජොං අන්, මැයි මාසයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවනු ඇති.