උතුරු කොරියානු නායක කිම් ජොං අන් වියට්නාම සංචාරය නිමවා අද නැවතත් සිය රට බලා නික්මෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති දෙදින සමුළුව එකඟතාවකින් තොරව නිමාවට පත්වුවද උතුරු කොරියානු නායකයාට එහිදී හිමිවූයේ ඉහළ පිළිගැනීමක්.
කිම් ජොං අන් අද හෝචි – මින් නුවර පිහිටි වියට්නාම විප්ලවයේ නිර්මාතෘ හෝචි මින්ගේ ස්මාරකයට බුහුමන් දක්වනු ලැබුවා.
සිය මුත්තනුවන් වූ කිම් ඉල් සුං 1964 සංචාරය කිරීමෙන් පසු වියට්නාමයේ චාරිකාවක නිරතවූ ප්‍රථම උතුරු කොරියානු නායකයා වන්නේ ද කිම් ජොං අන්.
වියට්නාම චාරිකාව නිමවා නැවතත් දුම්රියෙන් සිය රට බලා පැමිණෙන උතුරු කොරියානු නායකයා පැමිණීමට පෙර චීන දේශසීමාව ආසන්නයේ පිහිටි ඩොං ඩැන් දුම්රියපලේ දැඩි ආරක්ෂාවක් සළසා තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළා.
