උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බෝවාන් නගරයේ සිට රාම්නගර් වෙත ගමන් ගත් බස් රථය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
රථයේ සිටි තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව සඳහන්.
උත්තරාකාන්ද් ප්‍රාන්ත මහ ඇමතිවරයාද සිද්ධිය වූ ස්ථානයට පැමිණි බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.