Gossips

උතුරු ඇෆ්ගනිස්ථානයේ මගී බස් රථ 3ක් තලෙයිබාන් ග්‍රහණයට

උතුරු ඇෆ්ගනිස්ථානයේ කුන්ඩූස් ප්‍රදේශයේදී මගී බස් රථ 3 ක ගමන් ගත් පුද්ගලයින් 150ක් පමණ තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම් සිය ග්‍රහණයට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආරක්ෂක හමුදා මේ වනවිටත් එම පිරිස් බේරා ගැනීම සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම් සැඟවී එල්ල කළ ප්‍රහාරයකින් පසු මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව සඳහන්.
මෙම සිද්ධිය වාර්තා වන්නේ ඇෆ්ගන් රජය විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කොට පැය 24ක් ගතවීමටත් පෙරයි.