පොලොන්නරුව – පරාක්‍රම සමුද්‍ර ව්‍යාපෘතියේ D – 01 උතුරු ඇල ගිනි පෙට්ටි පාලමේ අළුත්වැඩියා කටයුතු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරීක්ෂණයට ලක්වුණා.
පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට කුඹුරු අක්කර 20,000 කට පමණ ජලය ගෙන යන ප්‍රධාන ඇල මාර්ගය වන උතුරු ඇලේ ජල පැන්නුම සහිත පාලමක් ලෙස භාවිත කළ මෙම ගිනි පෙට්ටි පාලම කැඞීයාමෙන් ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අනුව මෙම පාලමේ අළුත්වැඩියා කටයුතු සතියක් තුළ නිම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.