Gossips

උතුරුමැද පාසල් සිසුන්ගෙන් 10 %කට වකුගඩු රෝගය වැලදීමේ අවදානමක්

උතුරුමැද පළාතේ පාසල් සිසුන්ගෙන් සියයට 10කට වකුගඩු රෝගය වැළදීමේ අවදානමක් මතුව ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ පළාත තුළ සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණ වූ බවයි.
මේ අතර, වකුගඩු රෝගවලට හේතු වන වල් නාශක නිෂ්පාදන සමාගම්වලට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළේ.