Gossips

උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාගේ පෙත්සම සලකා බැලීමට අධිකරණයෙන් තීරණයක්

තමාට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයෙන් සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් කෝටි පහමාරක වන්දි මුදලක් ඉල්ලා උතුරුමැද ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අනුරාධපුර දිසා අධිකරණය අද තීරණය කළා.
එම නඩුව දිසා විනිසුරු චමරි දනන්සූරිය හමුවේ කැදවූ අවස්ථාවේදී ඇය නියෝග කළේ ලබන වසරේ පෙබරවාරි මස 18 වනදා මෙය විභාගයට ගැනීමටයි.
2013 වසරේදී එල්ල වූ මෙම ඇසිඩ් ප්‍රහාරයෙන් උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස්ගේ ඇසක් අන්ධ වූ අතර, ශරීරයේ ස්ථාන කිහිපයකට බරපතල තුවාල සිදුවුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ඇතුළු තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.