උතුරුමැද පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩබැලීම සඳහා උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.
උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා වූ එම්.පී. ජයසිංහ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවීම හේතුවෙනුයි මෙලෙස වැඩ බැලීමට රෙජිනෝල්ඞ් කුරේ ආණ්ඩුකාරවරයා පත්කර ඇත්තේ.
අද දින අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ග්‍රාමශක්ති ප්‍රගති සමාලෝචන රැස්වීමටද ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ සහභාගිවීමට නියමිතයි.
