පසුගිය දින කිහිපය තුළ ඇද හැලූණු අධික වර්ෂාපතනය හේතුවෙන් උතුර පළාතට සිදුව ඇති හානිය රුපියල් බිලියනයක් බවට ගණන් බලා ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අධික වැසි හේතුවෙන් උතුරු පළාතේ පවුල් 26,000 කට අයත් පුද්ගලයින් 87,000 කට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිනවා.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ අද දිනයේද පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.