Gossips

උතුරට වෙනසක් නැහැ – අගමැති කියයි

සංවර්ධන කටයුතු සිදුකිරීමේදී උතුරට වෙනසක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චි මණ්ඩපයේ නව ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ රටේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙලක් මේ වනවිට දියත් කර ඇති බවයි.
ඒ අනුව පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල දියුණුවක් ඇති කිරීම රජයේ අරමුණ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.