Gossips

උතුරට මහ වැසි – මුලතිව් සහ කිලිනොච්චිය යටවෙයි

පසුගිය දින කිහිපය තුළ උතුරු පළාතට බලපෑ තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔඩ්ඩුුසුඩාන් සහ මුරුක්කායි ප්‍රදේශවල පවුල් 250කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති බවයි.
යුද හමුදාවේ සහය ඇතිව ජනතාව බේරා ගැනීමේ කටයුතු සිදුකරන බවයි ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.
මේ අතර, ඉදිරි පැය 12 තුළත් උතුරු පළාතට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අද (22) පෙරවරු 8.30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ද උතුරු පළාතෙන්.
ඒ අනුව මාන්කුලම ප්‍රදේශයට මිලිමීටර් 365ක වර්ෂාපතනයක් සහ ඔඩ්ඩුුසුඩාන් ප්‍රදේශයට මිලිමීටර් 302ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.